Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දෛනික ආසාධිතයින් සහ මරණ ගණන අඩුවෙයි

By News Team on September 21st, 2021 in Local

ඊයේ (20) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 1518 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 506009ක් දක්වා ඉහළ ගියා.

60698 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 433093ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (20) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 93ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ 12218ක් දක්වා ඉහළ ගියා.