Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දෙවන පුහුණු තරඟය අද

By News Team on June 18th, 2021 in Sport

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද (18) සිය දෙවැනි පුහුණු තරගයට එක් වනවා.

පන්දුවාර 20 තරගයක් ලෙස එය මැන්චෙස්ටර්හි Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගය මෙරට වේලාවෙන් අද (18) රාත්‍රී 10.30ට ආරම්භ වන අතර, පළමු පුහුණු තරගය (පන්දුවාර 50) පැවැති අයුරින්ම මෙම තරගය ද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතරයි.

එක් කණ්ඩායමක් කුසල් ජනිත් පෙරේරා විසින් ද, අනෙක් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වනු ඇති.

ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායම් දෙක සදහා ම ක්‍රීඩා කරන අතර, ආබාධයකට ලක් වූ ධනංජය ලක්ෂාන් මෙම තරගයට ද ක්‍රීඩා කරන්නේ නැහැ.