Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගෙන් CIDයට පැමිණිල්ලක්

By News Team on June 18th, 2021 in Gossip

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණු කර තිබෙනවා.

ඒ තමා විසින් ගායනා කරන ලද ගීතයකට වෙනත් වච්චන යොදා අපහාසාත්මක ගීතයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙනි.

එහි දැක්වෙන්නේ තාත්තා මට ඇණපු ටොක්ක ගීතයේ පදමාලාව වෙනස් කර පවතින රජයට සහ එහි බලධාරීන්ට අපහාස වන ලෙස සකස් කළ ගීතයක් මේ වන විට යුටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇති බවයි.

කිසිඳු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තම ගීතවල දේශපාලන උපහාසාත්මක වදන් ඇතත් කිසිඳු අවස්ථාවක වෙනස් පාර්ශවයකට අපහාස වන අයුරින් ගීත නිර්මාණය කර නොමැති බවයි.