Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා මැද අන්තර්ජාල සබඳතා සියයට 30 කින් ඉහළට

By News Team on June 18th, 2021 in Business

පසුගිය වසරේදී මෙරට ජංගම හා ස්ථාවර අන්තර්ජාල සබඳතා ඇතුළත් සමස්ත අන්තර්ජාල සබඳතා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය සියයට 30 කින් වර්ධනය වී ඇති අතර, කොරෝනා වසංගත තත්වය හමුවේ කාර්යාලයීය අධ්‍යාපන භාණ්ඩ මිලදී ගැනීම්, බැංකු හා විනෝදස්වාද කටයුතු සඳහා අන්තර්ජාල භාවිතය ඉහළ යාම ඊට හේතුව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එහෙත් මෙරට අන්තර්ජාල සේවාවල ගුණාත්මකභාවය පිළිබඳව ගැටළු පවතින බව මහ බැංකුව ප්‍රකාශ කළා.