Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

එළවළු සහ පළතුරු මිළ ඉහළ යාමට හේතුව ඇමති නාමල් සොයා ගනී

By News Team on June 18th, 2021 in Local

ඇතැම් වෙළඳුන් සිය කැමැත්ත අනුව එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මඟහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එළවළු හා පළතුරු මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය ඊයේ (17) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දී තිබෙනවා.

එහිදී යෝජනා වී ඇත්තේ මහජන අවධානය සෘජුව සන්නිවේදනය වන පරිදි ප්‍රවෘත්ති විකාශනය අතරතුර ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල හා පෑලියගොඩ මැනිං වෙළඳපොළේ තොග හා සිල්ලර මිළ විකාශනයට පියවර ගැනීමටයි.

ඊට අමතරව සියලු ජංගම අලෙවි රථවල සහ ජංගම අලෙවිසැල්වල එළවළු හා පළතුරු වර්ගය හා මිල වෙන්ව සඳහන් කර මිළ ප්‍රදර්ශනය කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

දිවයින පුරා පිහිටි සමුපකාර හා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටමට ගැලපෙන පරිදි එළවළු මලු සකස්කර බෙදා හැරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බව සඳහන්.