Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආසියානු පැසිෆික් රටවල් 08ක කොරෝනා තත්ත්වය ගැන විශේෂ වාර්තාවක් නිකුත් වෙයි

By News Team on June 18th, 2021 in International

පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දුන් ආසියානු පැසිෆික් රටවල් 08 ක වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

බී.බී.සී. පුවත් සේවය එම වාර්තාව නිකුත් කළේ, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, ජපානය, හොංකොං, දකුණු කොරියාව හා තායිවානයට අදාළවයි.

එහි දැක්වුණේ, අදාළ රටවල් අනුගමනය කළ දැඩි සංචරණ සීමා හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹායාම වැනි පියවර හමුවේ පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත් වූ බවයි.

ඒ හේතුවෙන් එම සියලූ රටවල් 2020 වසරේ කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල් ලැයිස්තුවේ මුල් ස්ථානවලට පත්වීමට සමත්වූ බවද සඳහන්.

කෙසේවෙතත් මේ වනවිට අදාළ රටවල් වත්මන් කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට අසමත් වී ඇති බවයි බී.බී.සී.ය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, නව කොවිඩ් ප්‍රභේද ව්‍යාප්ත වීම, එන්නත් හිගය හා වසංගතයට මුහුණ දීමට නිසි සැලසුමක් එම රටවල් සතුව නොමැති වීමයි.