Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

By News Team on June 18th, 2021 in Local

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී සාමාන්‍ය ජන ජීවිත අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනපතිගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ මුලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුලත්.

එම වර්ගීකරණයට අනුව වරාය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, රේගුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රවාහන ප්‍රධාන වනවා.

ඊට අමතරව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු පරිපාලන ඒකක ද මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු ද සමුපකාර සතොස ආදී ජනතාවට ආහාර පාන ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට අදාළවන ආයතන ද මෙම ගැසට් නිවේදනයට ආවරණය කෙරෙනවා.

තවද පළාත් සභා යටතේ වන රජයේ කාර්යාල මඟින් සිදු කළ යුතු අත්‍යාවශ්‍ය සේවා ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කර තිබෙනවා.